පරිගණක වෛරස ලෙස හඳුන්වනුයේ පරිශීලකයාගේ අනුදැනුමකින් තොරව ක්‍රියත්මක වන විනාශකාරී පරිගණක වැඩසටහනක්. මෙහි ඇති සංකීර්ණත්වය සහ විවිධ ස්වරූප නිසා බොහෝ දෙනාට වෛරස ගැන පැහැදිලි අවබෝධයක් නෑ. බොහෝ විට විනාශකාරී වැඩසටහන් සෑම දෙයක්ම වෛරස් ලෙස හැඳින්වීමට පුරුදුව සිටියත් ඇත්තෙන්ම මේ හැම එකකටම වෛරස් කියා කියන්න බැහැ. නමුත් බොහෝමයක් සමීප ලක්ෂණ මේවා අතර තියෙනවා.
MalwareVirus, spyware, worm, Trojan horse, අාදී සියලුම ආකාරයේ විනාශකාරී වැඩසටහන් හැඳින්වීමට යොදාගැනේ. බොහෝ විට වෛරස ලෙස වැරදියට හඳුනාගනී. Virus යනු එක ආකාරයක Malware විශේෂයක් පමණිි.
Virus

වෛරසයක් යනු ස්වයංක්‍රීයවම පරිගණකයකට පැතිරීමේ හැකියාව ඇති පරිගණක වැසටහනකි. එසේම පරිගණකයේ ධාවනය කළ හැකි (executable) ආකාරයේ වැඩසටහනකි. පරිගණකයක සිට තවත් පරිගණකයකට Network, Internet, Floppy disk, compact disk, DVD ආදී මාධ්‍යයක් හරහා පැතිර යා හැක. ධාවනය කළ හැකි (executable) ආකාරයේ ගොනුවක් සමග එකට ඈඳී පැතිරයාම මෙහි විශේෂ ලක්ෂණය යි.
Worm (wûrm -ව(ර්)ම්)

විශේෂයෙන්ම Network හරහා ස්වයංක්‍රීය පැතිරීමේ හැකියාව සතුයි. Internet සහ email මෙහි ප්‍රධානතම පැතුරුම් මාධ්‍යයි. බොහෝ විට worm ආකාරයේ malware ඒවා නිර්මාණය කරන ලද නිර්මාපකයාට පරිගණකයේ ඇති දත්ත Netwrok එක හරහා යොමු කරයි.
Trojan(trō’jәn) horse
ස්වයංක්‍රීයව පැතිරයා නොහැක. මේ නිසා මෙය වෛරසයක් ලෙස හැඳින්විය නොහැකි Malware වැඩසටහනකි. කිසිදා ආක්‍රමණය කළ නොහැකි යැයි කියූ ත්‍රොයි රාජ්‍යයට සතුරන් ඇතුල් වීමට අශ්වයෙකු සේ වෙස් ගත් රථයක නැග ඇතුලත් වූ කතාව ඔබ අසා ඇති. මෙම ආකාරයේ Malware අනුගමනය කරන්නේ මේ උපක්‍රමයයි. වෙනත් වැදගත් මෘදුකාංගයක් ලෙස පෙන්වා පරිශීලකයා නොමග යවා පරිගණකයේ ස්ථාපනය වේ. නමුත් පිටතින් පෙනෙන කාරණයට අමතරව තවත් යටි අරමුණක් සහිතව මේ වැඩසටහන පරිශීලකයාට නොදන්වා සිදු කරයි. උදාහරණයක් ලෙස පුද්ගලික දත්ත (credit cards විස්තර, passwords) නිර්මාපකයාට Network හරහා යැවීම දැක්විය හැකිය.
Spyware
පරිශීලකයාට නොදන්වා පරිශීලක ක්‍රියාකාරකම් ගැන ඔත්තු බලන Malware වැඩසටහනකි. Worm වලට මෙන් ස්වයංක්‍රීය පැතිරීමේ හැකියාවක් නොමැත. පුද්ගලික දත්ත එක් රැස් කිරීම සහ පරිගණකයේ සැකස්ම්(configuration) වෙනස් කිරීම නිතර දැකිය හැක.
Adware
බොහෝ දුරට හානිකරනොවේ. නොමිලයේ ලැබෙන මෘදුකාංග වල දැකියහැක. මෘදුකාංගය සමගම එය නිපදවන ලද ආයතනයට හෝ වෙනයම් අනුග්‍රාහක ආයතනයන් හී වෙළඳ දැන්වීම් බලෙන්ම පෙන්වීම මෙහි ස්වභාවයයි. සමහර Adware විටෙක පරිශීලකයාට නොදන්වාම අන්තර් ජාලය හරහා වෙළඳ දැන්වීම් ඩවුන්ලොඩ් කර පෙන්විය හැක. නොඑසේනම් දැන්වීම් අතර මග පෙන්වීම් අාදිය කරනු ලබයි.
ඉදිරි කලාපයකින් වෛරස සහ මැල්වෙයා වල ක්‍රියාකාරීත්වය ගැන තව දුරටත් හඳුනා ගමු.
උපුටා ගෑනීමකි